තෙල් ගන්න ගිය ඩොලර් මිලියන 250, තේ වලින් ගෙවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

තෙල් ගන්න ගිය ඩොලර් මිලියන 250, තේ වලින් ගෙවයි

තෙල් ගන්න ගිය ඩොලර් මිලියන 250, තේ වලින් ගෙවයි

ශ්‍රී ලංකාවට ඉරානයෙන්  ආනයන කරන ලද  ඛනිජ තෙල්  සඳහා ගෙවීමට ඇති ඇමරිකන් ඩොලර් මිලියන 250 ක්  සිලෝන් ටී ආයතනයෙන් පියවීමේ නව හුවමාරු  ගෙවීමේ ක්‍රමයක්  වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක හා මහා මාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත්  අමාත්‍ය කබීර් හෂිම් යන මන්ත්‍රීවරු පිරිසක්  විසින් ප්‍රථම වතාවට අද (19)  හදුන්වා දෙනු ලැබූවා.

 

මෙම හුවමාරු ක්‍රමය බාබර් නමින් හැඳින්වෙනවා. එය ඉතා සාර්ථක බව නවීන් දිසානායක අමාත්‍යවරයා පැවසුවා.

 

ඒ අනුව සෑම මසකට වරක්ම  ඉරානයට තේ අපනයනය වෙනුවෙන්  ඛනිජතෙල් සංස්ථාව ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ඩොලර් මිලියන 5 ක් ලබා දීමටද තීරණය කර තිබෙනවා.

 

කොල්ලුපිටිය  ශ්‍රී ලංකා තේ මණ්ඩල ශ්‍රවණාගාරයේදී තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳව ඔවුන් අනාවරණය කළා.

views

588 Views

Comments

arrow-up