සාමනේර හිමිවරුන්ට පහරදීමේ සිද්ධියට අස්ගිරි මහ නාහිමි විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

සාමනේර හිමිවරුන්ට පහරදීමේ සිද්ධියට විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි අස්ගිරි මහ නාහිමි දැනුම් දෙයි.
හොරොව්පතාන ප්‍රදේශයේ සාමනේර හිමිවරුන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් දැනුම් දී තිබෙනවා.
ඒ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.
උන්වහන්සේ එම ලිපියෙන් පොලිස්පතිවරයාට දැනුම් දෙන්නේ, මෙවැනි සිදුවීම් ඉදිරියේදී ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගන්නා ලෙසයි.
එම පහර දීම භික්ෂු සමාජය මෙන්ම බෞද්ධ ජනයාගේ හදවත් සසල කරන සිදු වීමක්.
සාමනේර හිමිවරුන්ගේ යම් දෝෂයක් ඇත්නම් උන්වහන්සේලා බ්‍රහ්මචාරී ජීවිතයකට යොමු කිරීමේ වගකීම ඇත්තේ භික්ෂූන් වහන්සේට මිස ගිහියන්ට නොවන බව ද අස්ගිරි මහා නායක හිමියන් පෙන්වා දෙනවා.
භික්ෂුවක් වරදක් කරයි නම් එය වැඩිහිටි භික්ෂුවකට දැනුම් දීම ගිහියන්ගේ වගකීමක්.
ඒ අනුව නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ සභාව ඊට නිසි විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
647 Views
Comments