ශාන්ත බණ්ඩාරගේ නම් යළි ජාතික ලැයිස්තුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

ශාන්ත බණ්ඩාරගේ නම් යළි ජාතික ලැයිස්තුවට

ශාන්ත බණ්ඩාරගේ නම් යළි ජාතික ලැයිස්තුවට

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ​සඳහා ශාන්ත බණ්ඩාර මහතාගේ නම ඊයේ(12) සවස මැතිවරණ කොමිසමට යෝජනා කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානගේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා

 

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තමා පත් නොකිරීම සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වන බව ශාන්ත බණ්ඩාර මහතා පසුගිය දා පැවසුවා.

 

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින් ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස් වු මන්ත්‍රී ධුරය සඳහා එච්.එම්.ඩි.බි.හේරත් මහතා පත් කිරීමට කුරුණැගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පියවර ගෙන තිබිණා. ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගිය 9 වන දා දිනයේ නිකුත් කෙරුණා.

 

කෙසේවෙතත් අදාළ පත් කිරීම නිත්යානුකූල නොවන බව ශාන්ත බන්ඩාර මහතා සඳහන් කළා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි ශාන්ත බණ්ඩාර මහතා අදාළ මන්ත්‍රී ධුරය ලබාගැනිමේ අරමුණින් පසුගියදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

views

610 Views

Comments

arrow-up