අකුරැස්සේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

අකුරැස්සේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

අකුරැස්සේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

අකුරැස්සේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කළ සහ පානදුර පොලිස් ස්ථානයේ ටී 56 ගිනිඅවි දෙකක් සොරා ගැනීමට අදාළ සැකකරුවන් 06 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

 

ඒ, එම සැකකරුවන් ඊයේ පස්වරුවේ මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

සැකකරුවන් ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

සැකකරුවන් අතර පානදුර යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකු ද වනවා.

 

ඔවුන් අතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තැබූ බවට සැක කරන සැකකරුවන් 3 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

605 Views

Comments

arrow-up