සැකකටයුතු වාහන ගැන කටකතා අසත්‍යයි - පොලිසිය

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසළ හා මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් ඉදිරිපිට සැකකටයුතු වාහන දෙකක් ඇති බවට පැතිර යන කටකතා පිළිබඳව කලබල විය නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
මේ පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ස්ථාන දෙකටම ගොස් පරීක්ෂා කර එහි කිසිදු සැකකටයුතු දෙයක් නොමැති බව තහවුරු කරගෙන ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මට්ටක්කුලියේ කතෝලික දේවස්ථානය අසළ නවතා තිබූ වෑන් රිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අයිතිකරු එම ස්ථානයේ වාහනය නවත්වා ඇති ගොස් බව තහවුරු වී ඇති අතර පාසල අසල නවතා තිබු වාහනයේද අයිතිකරු පැමිණ ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කරයි.
පැතිර යන කටකතා පිළිබදව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් කිසිදු සැකකටයුතු දෙයක් සිදුව නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
701 Views
Comments