ලංකාවට කුඩු පෙවූ පකිස්තානුවන් 7 කට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

ලංකාවට කුඩු පෙවූ පකිස්තානුවන් 7 කට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

ලංකාවට කුඩු පෙවූ පකිස්තානුවන් 7 කට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

මෙරටට හෙරොයින් ආනයනය කිරීම සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පකිස්තාන ජාතිකයින් 7 දෙනෙකුට මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

 

ඒ සැකකරුවන් අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුවයි.

 

ඉන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව මගිනි.

 

ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒමට තැත්කර ඇති හෙරෙයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 3 කට අධිකයි.

 

 

views

774 Views

Comments

arrow-up