සමේ ලප ගැන දෙවරක් සිතන්න : ලාදුරු යළි හිස ඔසවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

සමේ ලප ගැන දෙවරක් සිතන්න : ලාදුරු යළි හිස ඔසවයි

සමේ ලප ගැන දෙවරක් සිතන්න : ලාදුරු යළි හිස ඔසවයි

ලාදුරු රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 

 

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වෙයි. දිවයින පුරා වසරකට ලාදුරු රෝගීන් 1700 - 2000 අතර පමණ  හමුවන බවත්  මින් වැඩිම පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවට හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෙෙද්‍ය ක්‍රිශාන්ත සමරවීර මහතා පවසනවා. 

 

 

ජනගහනය අධික ප්‍රදේශවලින් වැඩි වශයෙන් රෝගීන් හමුවීම 

 

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 16 අනුව මෙම වසරේදී 54 ක් වන රෝගීන් වැඩිම පිරිසක්  මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද, වත්තල කොට්ඨාසයෙන් රෝගීන් 29 ක්, කටාන රෝගීන් 23 ක්, ජාඇල රෝගීන් 21 ක්, කැලණිය 21 ක්, දිවුලපිටිය 14 ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් රෝගීන් 9 දෙනෙකු ද සෙසු කොට්ඨාස 9 හි සුළු වශයෙන් රෝගීන් වාර්තාවනවා.

 

2018 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති ප්‍රතිකාර ලබන ලාදුරු රෝගීන් ගණන ළමයින්  27 දෙනෙකු සහ කාන්තාවන් 79 කු ඇතුළු රෝගීන් 223 දෙනෙක්.

 

 

ලාදුරු යනු

 

ලාදුරු යනු බැක්ටීරියාවකින් බෝවන නිදනිගත රෝගයකි. ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාදිත බිඳිති මඟින් රෝගය ව්‍යාප්ත වන බව ද සොයාගෙන තිබෙනවා. නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකිය. පසුගිය වර්ෂ 10 තුළ වාර්ෂිකව නව රෝගීන් 2000 බැගින් වාර්තා විය. 2018 වසරේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 26 පුරා පුද්ගලයින් 1683 දෙනෙක් අලුතින් රෝගීන් ලෙස හඳුනාගෙන තිබීම මෙම රෝගය යළි හිස ඔසවන බවක් පෙනෙන්නට තිබෙනවා.

 

ලාදුරු රෝගය ස්වසන මාර්ගයෙන් බෝවන අතර යම් පවුලක අයෙකු හට රෝග ලක්ෂණ පවතින බවට හඳුනාගත හොත් එම පවුලෙහි සැවොම පරීක්ෂාවකට භාජනය කෙරෙනවා. සමාජයේ 90% ක් පිරිසකට ලාදුරු රෝගයෙන් වැළකී සිටීමේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් පවතිනවා.

 

මෙම රෝගය බෝවීමක් වුවද පැතිරීම විශාල වශයෙන් සිදු නොවන බවත් කුඩා දරුවන් සහ වයස්ගත අයට මෙන්ම ක්ෂය රෝග තත්ත්වයෙන් පසුවන අයට බෝවීම වැඩියෙන් සිදු විය හැකියි.

 

 

 අනිසි බියක් ඇතිකර ගත යුතු නැහැ

 

සමෙහි සංවේදනය නොමැති ලප කැළැල්  තැනින් තැන ඇතොත් වහාම චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලකින් පමණක්  ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතුයි.

 

කිසියම් අයකුගේ සිරුරෙහි එවැනි ලප කැළැල් පහකට වඩා අඩු නම් මාස හයක කාලයක් තුළද , ලප කැළැල් පහකට වඩා වැඩි නම් මාස 12 ක කාලයක් ද නිසියාකාරව ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය සමරවීර මහතා පැවසුවා.

 

ලාදුරු රෝගය නිට්ටාවටම සුවකළ හැකි බැවින් සැකසහිත රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවත් නියමිත කාලය තුළ වෛද්‍ය උපදෙස්  පරිදි ප්‍රතිකාර ලැබිය යුතු බවත් රෝගීන් සමාජයෙන් වෙන් කර තැබීමකින් තොරව ප්‍රතිකාර  කළ හැකියි.

 

ලාදුරු රෝගීන් සිටින බවට වාර්තාවන ප්‍රදේශ ආශ්‍රිතව රෝගීන් වේදැයි හදුනාගැනීමට චර්ම රෝග  ජංගම සායන පැවැත්වීමට ද අදාළ සෞඛ්‍ය අංශය මගින් පියවර ගෙන තිබෙනවා.  

views

2675 Views

Comments

arrow-up