අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 2.00 කින් ඉහළ දමා තිබෙනවා.

 

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ, තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් මේ තීරණය ගත් බවයි.

 

ප්‍රීමා තිරිඟු පිටි සමාගම කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50 කින් ඉහළ දමා ඇති බව අද පෙරවරුවේ වාර්තා වුණා.

 

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, ඔවුන්ගේ අනුමැතියකින් තොරව පිටි මිල ඉහළ දමා ඇති බවයි.

 

ඒ අනුව මිල ඉහළ නැංවු සමාගම්වලට එරෙහිව නඩු පවරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළා.

views

617 Views

Comments

arrow-up