රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය පවසනවා.

 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙක්.

 

ඉකුත් 04 වැනිදා තමන් සමඟ රැකියාව කරන රාජ්‍ය බුද්ධි අංශය වෙත ගිය බව පැමිණිලිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙනවා.

 

එදින රාජකාරී කර නිවසට තමා පැමිණියද සැමියා පැමිණියේ නැති බවත් ඊයේ (05) තම පුතාට දුරකතන ඇමැතුමක් ලබා දී තිබූ සැමියා නිවසට පැමිණීමට ප්‍රමාද වන බවක් පැවසී යැයි ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

1140 Views

Comments

arrow-up