රූපවාහිනිය මැතිවරණ නීති කඩ කරමින් විකාශය කළ එජාප සමුළුව අතරමග නතර කරයි

අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ සජීව විකාශය අතර මඟ නවතා දමන ලෙස මැතිවරණ කොමිසන් සභාවෙි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නියෝග කළා.
සජීව විකාශය නතර කරන මොහොත දක්වා කිසිදු මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ගෙවා නොමැති වීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණි මැතිවරණ කොමිසන් සභාවෙි නිලධාරීන් මුදල් ගෙවා ඇති ලේඛන ඉල්ලා සිටි අතර පාලනාධිකාරිය එය ලබා දීමට අපොහොසත් වුණු බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියලු ඉහල නිලධාරීන් කැඳවූ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ මොහොතේම සජීව විකාශය නතර කළ යුතු බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ගේ කතාව අතරතුර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලන අදාළ සජීව විකාශය නතර කරනු ලැබුවා.
631 Views
Comments