07ට පෙර පෝස්ටර්, කටවුට්, තොරණ, බැනර්, යනාදිය ස්වෙච්ඡාවෙන් ඉවත් කර ගන්න - මැකො
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
03

07ට පෙර පෝස්ටර්, කටවුට්, තොරණ, බැනර්, යනාදිය ස්වෙච්ඡාවෙන් ඉවත් කර ගන්න - මැකො

07ට පෙර පෝස්ටර්, කටවුට්, තොරණ, බැනර්, යනාදිය ස්වෙච්ඡාවෙන් ඉවත් කර ගන්න - මැකො

පෝස්ටර්,කටවුට්,තොරණ,බැනර්,යනාදිය 2019 ඔක්තෝබර් මස 07 දින නාම යෝජනා කාලසීමාව අවසන් වූ වහාම පොලීසිය විසින් ඉවත් කර කිරීමට පියවර ගන්න බවත් ඊට පෙර ඒවා ස්වෙච්ඡාවෙන් ඉවත් කරගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දෙනවා.

 

මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයා සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂකයන්ගේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

 

ඡන්ද කාර්යාල පිහිටුවීම, පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය වැළැක්වීම යනාදී කරුණු එහිදී සාකච්ඡා වූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

 

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව එම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් වෙත දන්වා සිට ඇත්තේ,දැනටමත් ප්‍රදර්ශනය කර ඇති කටවුට්,පෝස්ටර් යනාදිය ස්වෙච්ඡාවෙන් ම ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

 

එසේ ඉවත් කර නොගන්නා පෝස්ටර්,කටවුට්,තොරණ,බැනර්,යනාදිය 2019 ඔක්තෝබර් මස 07 දින නාම යෝජනා කාලසීමාව අවසන් වූ වහාම පොලීසිය විසින් ඉවත් කර ගැනීමට පියවර ගනු ඇති බව සභාපතිවරයා දන්වා සිටිනවා.

views

994 Views

Comments

arrow-up