පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වෙයි

ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පලාලි ගුවන් තොටුපල,යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස නම් කර තිබෙනවා.
පසුගිය ජූලි මස 5 වනදා ප්‍රාදේශීය ගුවන් තොටුපලක් ලෙස පැවති යාපනය පලාලි ගුවන් තොටුපල කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට සංවර්ධනය කිරීම ආරම්භ කෙරිණා.
මේ මස 17 වනදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත වීමට නියමිත අතර එහි සංවර්ධන කටයුතු මේ මස 10 වනදා වනවිට අවසන් වනවා.
ඒ අනුව මෙරට පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් සංඛ්‍යාව 5 ක්.
605 Views
Comments