OCT
03
තවත් අලි පැටවකුගේ සිරුරක් වව්නියාවෙන් හමුවෙයි

වව්නියාව, කනගරායන්කුලම, පුදුවිලන්කුලම ප්‍රදේශයේ මියගිය අලියකුගේ සිරුරක් අද (3) උදෑසන සොයා ගෙන තිබෙනවා. දින කිහිපයකට ඉහතදී මෙම අලියා මියගොස් ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරන්නේ.
වවුනියාව වනජීවි කාර්යාලය සඳහන් කර සිටියේ මාස පහක් පමණ වන අලි පැටවකු මෙලෙස මියගොස් ඇති බවත් මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූ බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව මරණයට හේතුව ප්‍රකාශ කිරීමට සුදානම්.
අලියාගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.
558 Views
Comments