ජීවනෝපාය අහිමිවූවන්ට ලබා දෙන 5000 දීමනාවේ දෙවැනි අධියර හෙට සිට

ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර හෙට සිට (03 වැනිදා) සිට ආරම්භ කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
මුදල් ලැබීමෙන් සතියක් තුළ දීමනාව ලබා දී අවසන් කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි. දෙවැනි අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව ලැබෙන පවුල් සංඛ්‍යාව හාර ලක්ෂ හැටහතර දහස් දෙසීය පනස් හතරකි.
ඒ සඳහා රජය වෙන් කරන මුදල රුපියල් 2,321,270,000කි. ඉන් රුපියල් මිලියන 416ක් මේ වන විටත් මුදල් අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී තිබේ. ඉතිරි මුදල මේ මස 10 වැනිදාට පෙර අදියර කීපයක් යටතේ ලබා දීමට සැලසුම් කර ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මුලින්ම ඇඳිරිනීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ තුනක පවුල් අසූ දහසක් සඳහා මේ වන විටත් රුපියල් 5000 දීමනාව ගෙවීම අවසන් කර තිබේ. මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ ඒ පොලිස් බල ප්‍රදේශයි. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 400කි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් පවසන්නේ මෙම 5000 දීමනාව අඟහරුවදා සිට ගෙවීමට අදාළ උපදෙස් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි. පළාත් පාලන මන්ත්‍රී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු ග්‍රාමීය කමිටුව හරහා මෙම දීමනාව ලබාදීම සම්බන්ධීකරණය කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
දෙවැනි අදියරේ මුල්ම පියවර ලෙස රජය රුපියල් මිලියන 416ක මුදලක් මේ වන විට රුපියල් 5000 ලබාදීම සඳහා නිදහස් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කියයි. ඒ අනුව අත්තනගල්ල, මීරිගම හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම දීමනාව මෙතෙක් නොලැඹුණු පවුල්වලට ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අදාළ දීමනාව ලබා දිය යුතු පවුල් සංඛ්‍යාව 83257කි. ඉන් අනතුරුව මහර, ගම්පහ, දොම්පෙ, කටාන, ජා ඇල, කැලණිය, බියගම, වත්තල හා මීගමුව යන ප්‍රදේශවල පවුල් හරලක්ෂ හැට හතර දහස් දෙසීය පනස් හතරක් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය.
815 Views
Comments