නිවෙස් දෙකක් නාය යයි - තිදරු මවක් ජීවිතක්ෂයට

ගාල්ල, වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එළෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි තිදරු මවකි.
වඳුරඹ පොලිස් වසමේ නාවල, කොකාවල ප්‍රදේශයේ නිවෙස් දෙකක් මෙලෙස නාය යාමට හසුව ඇත. එම නිවෙස් දෙකේ සිටි එක් කාන්තාවක් නිවස තුල පස් වලට යටවී සිටියදී සොයා ගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති නමුත් ඒ වන විට ඇය මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
නාය යාමට ලක්වූ අනෙක් නිවසේ සිටි ආබාධිත කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මේ අතර ඉදිරි පැය 24 සඳහා කළුතර, කෑගල්ල,ගාල්ල යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
620 Views
Comments