ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණොත් පොලිස් ඇප නැහැ; රිමාන්ඩ් කරන්න - මැකො
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණොත් පොලිස් ඇප නැහැ; රිමාන්ඩ් කරන්න - මැකො

ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණොත් පොලිස් ඇප නැහැ; රිමාන්ඩ් කරන්න - මැකො

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනා මත අද (15 දා) සහ හෙට (16 දා) යම් පුද්ගලයකු අත්අඩංගුවට පත් වුවහොත් ඔවුනට පොලිස් ඇප ලබා නොදෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරණය අවසන් වනතුරු රිමාන්ඩ් කර තබන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.


 
 තමා මෙම ඉල්ලීම් කරන්නේ ජනාධිපතිවරණය සාමකාමීව පවත්වාගෙන යෑම සඳහා බව සඳහන් කළ ඒ මහතා ජනතාව තම බලය පෙන්විය යුත්තේ අවි ආයුධවලින් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරමින් නොව ඡන්දපළට ගොස් ඡන්දය පාවිච්චි කිරීමෙන් බව ද කියාසිටියා.

views

697 Views

Comments

arrow-up