වසන්තගෙන් තවත් පිම්මක්

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්ව තිබෙනවා.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පොලොනනරුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා එක්ව තිබෙනවා.
ඊයේ (07) දිනයේදී කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසා සිටීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට තීරණය කළ බව කියා සිටියා.
696 Views
Comments