ජනපතිගෙන් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට තුති
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

ජනපතිගෙන් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට තුති

ජනපතිගෙන් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට තුති

පැලවත්ත, අකුරගොඩ ප්‍රදේශයේ ඉදිකළ නව යුද හමුදා මූලස්ථානය අද(08) පෙරවරුවෙ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙන  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනයි.

 

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක වන මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර එහි පළමු අදියරයි  අද මෙලෙස විවෘත කෙරුණේ. 

 

මෙහිදී  ජනාධිපතිවරයා කියා සිටියේ, ත්‍රිවිධ හමුදා මුලස්ථානය එකම ගොඩනැඟිල්ලක එක්වන සැලසුම වරින් වර ප්‍රමාදයන්ට මුහුණ දුන්නේ මුල්‍ය ගැටළු නිසා බවයි.

 

එනිසා මෙවැනි අංග සම්පූර්ණ ස්ථානයක් කලක් ගත වුවත් නිර්මාණය කළ බව පැවසු ජනපතිවරයා, ඉදිරි වසර 2 ඇතුළත නාවික හා ගුවන් හමුදා ගොඩනැඟිලි ද විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද කියා සිටියේය.

 

තමා තවත් දින 8කින් ජනාධිපතිධූරයෙන් තමා නික්ම යන නිසා සියලු කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැක්වු සහයෝගයට තමා පෞද්ගලිකව කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ජනපතිවරයා මෙහිදී කියා සිටියේ.

views

686 Views

Comments

arrow-up