මැතිවරණ නිලධාරීන්ට රූපවාහිනියෙන් බාධා

ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රයේදී සිය රාජකාරියට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම, ජාතික රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂක නිලධාරීන්ට සහ එහි සේවකයින් පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට ඊයේ රාති‍්‍රයේ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ජාතික රූපවාහිනිය ඔස්සේ හෙට දිනයේ විකාශය වීමට නියමිතව තිබූ මැතිවරණ නීති උල්ලංඝණය වන ආකාරයේ වැඩසටහනක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි අවස්ථාවේදීයි මැතිවරණ කොමිසමේ නිලධාරීන් මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට මඩ ප‍්‍රචාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම වැඩසටහන විකාශය කිරීමට සූදානම් කර තිබූ බවට මැතිවරණ කොමිසම වෙත එම පැමිණිල්ල ලැබී තිබුණා.
එහිදී අදාළ වැඩසටහනේ සංස්කරණය වෙමින් පැවැති කොටස ජංගම දුරකතනයෙන් පටිගත කළ කොළඹ අතිරේක දිස්ති‍්‍රක් ලේකම් කේ සී නිරෝෂන් ඇතුළු නිලධාරීන් පිරිස සිය රාජකාරී අවසන් කරමින් ජාතික රූපවාහිනී පරිශ‍්‍රයෙන් නික්ම යාමට සිය මෝටර් රථය අසලට පැමිණියා.
ඒ සමග රූපවාහිනි සංස්ථාවේ නිලධාරින් ඇතුළු ආරක්ෂක නිලධාරීන් ඔවුන් පිටවයාම වැළැක්වීමටයි උත්සහ දරා ඇත්තේ. මෙම සිද්ධිය සැලවීමත් සමග මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ද එම ස්ථානයට පැමිණියා.
663 Views
Comments