හල්දුම්මුල්ල - පස්සර සහ ඇල්ල තවදුරටත් නායයෑමේ අවදානමක

පවතින වර්ෂාවත් සමග බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 කට පැනවු නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා.
වැසි තත්ත්වයේ වැඩිවීම සහ ඇතිවිය හැකි අනතුරු සලකා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස කියාසිටියේ හල්දුම්මුල්ල, පස්සර සහ ඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තවදුරටත් නායයාම් අවධානමේ පවතින බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ප‍්‍රකාශ කළේ තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළවී ඇති බැවින් නායයාම් අනතුරු ඇඟවීම් පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.
751 Views
Comments