ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35ක් - චමල් සහ වෙල්ගම ඉවත්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35ක් - චමල් සහ වෙල්ගම ඉවත්වෙයි

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35ක් - චමල් සහ වෙල්ගම ඉවත්වෙයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහාඅපේක්ෂකයන් 35 දෙනෙකු අද(7) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නා.

 

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා අපේක්ෂකයන් 41ක් දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණද නාම යෝජනා පත්‍ර භාර දුන්නේ තිස් පස් දෙනෙකු පමණයි.

 

ඇප මුදල් තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ හා කුමාර වෙල්ගම ඇතුළු හය දෙනෙකු නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත ලබාදී නැහැ.

 

නාමයෝජනා පත්‍ර ලබාදුන් අපේක්ෂකයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා දෙකක් ද මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසම පවසනවා.

 

අද උදෑසන 9 ට රාජගිරියේ පිහිටිි මැතිවරණ කොමිසන් කාර්යාලයේ දී නාම යෝජනා පත්‍ර භාර ගැනීම ආරම්භ වූයේ.

 

එම අවස්ථාවේදී එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. මේ අනුව නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිස් පස් දෙනෙකු තරඟ වදිනු ඇති.

views

730 Views

Comments

arrow-up