SEP
30
දුර්ලභ කස මෝරු ඇල්ලූ පස් දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ වැටලීමකදීයි.
වාලච්චේන ධිවර වරාය පරිශ්‍රයේදී මෙම වැටලීම සිදු කෙරුණා.
කසමෝරුන් සහ වරල් සමග බහුදින ධීවර යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
කස මෝරා "ඇලෝපිඬේ" කුලයට අයත් ජලජ සම්පත් පනත යටතේ සංරක්ෂිත මත්සයෙක්. ඒ අනුව මෙම මත්සයන් දඩයම් කිරීම තහනම් වනවා.
975 Views
Comments