කාලගුණයෙන් රතු නිවේදනයක් - ප්‍රදේශ රැසකට මි.මී. 200 ඉක්ම මූ මහ වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24දා) අලුයම නිකුත් කළ රතු නිවේදනයකින් සඳහන් කළේ බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.
එසේම වයඹ, උතුර, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, දකුණ, සබරගමුව, සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.
වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් සදහන්.
ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.30 න් අවසන්වූ කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 219 කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ගාල්ල, වඳුරඹ ප්‍රදේශයෙන් මිලිමීටර් 175 ක්, ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 172 ක් සහ හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 164.5 ක වර්ෂාපතනයක් වාර්තාවී ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගංඟා ජල මට්ටම් වාර්තාව
830 Views
Comments