අධිවේගයේත් වේගය මද කරන්න

වර්ෂාවත් සමඟ මාර්ගය ලිස්සන සුළු බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙන්ම, සෙසු මාර්ගවල ද රථ වාහන ගමන් කිරීමේදී වේග සීමාව පිළිබදව සැලකිලිමත් වන ලෙසට පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.
පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ වැලිපැන්න පිටවුම ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.
එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොක්මාදූව පිටවුම ජලයෙන් යටවීම නිසා වැලිගම සහ අකුරැස්ස දෙසට රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි.
එමෙන්ම, වැලිපැන්න - පිටවුම ජලයෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මතුගම දෙසට ගමන් කිරීමට බාධාවක් නොවන අතර, අලුත්ගම දෙසට ගමන් ගන්නා වාහනවලට වැලිපැන්න පිවිසුම භාවිත නොකර දොඩම්ගොඩ පිවිසුම ඔස්සේ ගමන් ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.
මීට අමතරව මාතර සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මතුගම දෙසට ධාවනය කිරීමේදී වැලිපැන්න පිටවුම භාවිත නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිටවුම ඔස්සේ මතුගමට පිවිසිය හැකියි.
740 Views
Comments