අකුරැස්සේ ජලයෙන් යට වූ ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

අකුරැස්සේ ජලයෙන් යට වූ ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරේ

අකුරැස්සේ ජලයෙන් යට වූ ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරේ

මේ වන විට ඇද හැලෙමින් පවතින අධික වැසි හේතුවෙන් අකුරුස්ස ප්‍රදේශයේ ජලයෙන් යටව ඇති අතුරුමාර්ගවල තාවකාලිකව විදුලිය විසන්ධි කර තිබෙනවා.

 

මේ අතර අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ පිටත මාර්ගය අවහිර වී තිබෙනවා.

 

අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී එහි වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා අඩු කරන්නැයි ද උපදෙස් ලබා දී තිබෙනවා. 

 

මේ අතර නිල්වලා , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ගංගා දෙපස ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බවයි දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

 

මේ අතර පවතින අධික වැසි සහිත දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, ගාල්ල ,මාතර , කළුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි.

views

612 Views

Comments

arrow-up