අධිකරණ නියෝග නොතකමින් නයාරු ගුරුකන්ද නා හිමිගේ දේහය විහාර භූමියේම ආදාහනය කරයි (PHOTOS / VIDEO)

අපවත්වී වදාළ නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරධිපති ස්වාමීන්වහන්ගේ අදාහන පූජෝත්සවය අධිකරණ නියෝග නොතකමින් විහාරස්ථන භූමියේම සිදුකර තිබෙනවා.
මෙහිදී එම චිතකයට ගිනි දැල්වන අවස්ථාවේදී අන්වාදීන් විසින් බෞද්ධ පිරිස් වෙත ප්‍රහාරයයක් එල්ලකිරීමට පවා පැමිණ තිබෙන අතර පොලිසිය මගින් එය වළක්වා අැතිබවයි වාර්තාවන්නේ
අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බැවින් සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බව ඥානසාර හිමියන් ප්‍රකාශ කළා.
අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්තිනාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (23) නියෝග කළා.
නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නා හිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදි කිරීමක් සිදු නොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස් දී තිබෙනවා.
Posted by Guru kanda rajamaha viharaya on Monday, September 23, 2019
930 Views
Comments