FLOOD ALERT : තද වැසි හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම අවදානම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍ර‍්‍රකාශ කළේ කැලණිඟග, කළුඟග සහ අත්තනගලූ ඔයේ ජලමට්ටම අවදානම් තත්ත්වයක් දක්වා වැඩිවෙමින් ඇති බවයි. කැලණිඟගේ නෝර්වුඩ් ප‍්‍රදේශයෙන් ද, කළුඟගේ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන්ද අත්තනගලූ ඔයේ දුනමලේ ප‍්‍රදේශයෙන් ද මෙම තත්ත්වය වාර්තා වනවා.
රත්නපුරය ප‍්‍රදේශයෙන් ද කළුඟග පවතින්නේ අවදානම් තත්ත්වයේයි. ගිංඟගේ තවලම ප‍්‍රදේශයෙන් සහ මහවැලි ඟගේ නාවලපිටිය ප‍්‍රදේශයෙන් ජල මට්ටම වැඩිවීමක් වාර්තාවුවද, මේ වනවිට එය ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පැවසුවේ නිල්වලා ඟග ඇතුළු සෙසු ප‍්‍රධාන ජලාශ ආශ‍්‍රිත ජලමට්ටම සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි.
මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල සොරණාතොට අංගොඩ ප‍්‍රදේශයේ ජීවත්වූ පවුල් 23 ක පුද්ගලයින් 88දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ඒ, ගල්පෙරළීමේ අවධානම ද සැලකිල්ලට ගනිමින්.
605 Views
Comments