ITN සාමාන්‍යාධිකාරී සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සේවක අත්අඩංගුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
26

ITN සාමාන්‍යාධිකාරී සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සේවක අත්අඩංගුවේ

ITN සාමාන්‍යාධිකාරී සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සේවක අත්අඩංගුවේ

ස්වාධීන රූපවාහිනී සේවයේ සාමාන්‍යාධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුයෙන් සේවකයන් විසින් ඔහු එහි සභාපතිනියගේ කාමරයේ සිටියදී එහි දොරගුළු දාමා හිරකර ඇති බව වාර්තා වනවා.

 

ස්වාධින රූපවාහිනී ආයතයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් එහි සේවකයෙන් තිදෙනෙකු අත්තනෝමතිකව සේවයෙන් ඉවත් කර ඇති අතර සේවක අරගලය හමුවේ යළි ඔවුන් සේවයට බඳවාගෙන තිබෙනවා.

 

කෙසේ නමුත් එම සේවකයන් වැඩ තහනමට ලක්ව සිටි සමයේ හිමිවිය යුතුව තිබූ වැටුප නොගෙවීම හේතුවෙන් සේවක අරගලයක් යළි ආරම්භ වී තිබිණා.

 

මේ වනවිට එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහීරත්න මහතාවද සේවකයන් විසින් කාර්යාල කාමරයකට දමා දොරගුළු දමා ඇති බව වාර්තා වනවා.

 

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මොවුන් දෙදෙනා සේවකයින් විසින් නිවාස අඩස්සියට ගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

views

781 Views

Comments

arrow-up