දුම්රිය අකුරට වැඩ කිරීමත් නවතී - මගීන් පීලි උඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

දුම්රිය අකුරට වැඩ කිරීමත් නවතී - මගීන් පීලි උඩ

දුම්රිය අකුරට වැඩ කිරීමත් නවතී - මගීන් පීලි උඩ

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 50කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසනවා.

 

පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් තවදුරටත් දුම්රිය ප්‍රමාද වන බව යි.

 

කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ද පාලක මැදිරිය සඳහන් කළා.

 

මේ අතර දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

 

ඒ, දුම්රිය අනතුරුවලදී සිදු වන අලාභය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අය කර ගැනීමට දුම්රිය පාලනාධිකාරිය ගත් තීරණයට විරෝධය පළ කරමින්.

 

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් ද අකුරට වැඩ කිරීමට එක්ව සිටින බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළා.

 

views

748 Views

Comments

arrow-up