පාස්කු ප්‍රහාරය සොයන කමිටුව ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සාක්ෂි ලබා ගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.
එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ තේරීම්කාරක සභාවේ සාමාජිකයන් සියලු දෙනා මෙම අවස්ථාවට එක්ව සිටින බවයි.
කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබූ අතර ඒ අනුවයි සාක්ෂි විමසීම සිදු කරගරීම සිදුවන්නේ.
එම සාක්ෂි විමසන අවස්ථාව මාධ්‍යයට විවෘත නොකරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් කියා සිටියා.
663 Views
Comments