බොරැල්ල පොලිසියේ තවත් 8කට කොරෝනා

බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් 8දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
පසුගිය 31 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් හදුනාගෙන ඇත. ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 14දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත. සමස්තයක් වශයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 130කට වැඩි පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ පොලීසිය තුළ මේ වන විට අලුත් පොකුරක් නිර්මාණය වී ඇති බවයි. නමුත් එය නිර්මාණය වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සහ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙපළට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ගෙන් පොලිස් නිලධාරීන්ට වෛරසය ආසාදනය වූ බව ඔහු පවසයි.
639 Views
Comments