ජනාධිපතිවරණයට කොටි 500 ක් ?

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කොට ඇති අපේක්ෂකයින් ගණන වැඩිවීම හේතුවෙන්, අපේක්ෂාකළ වියදමට අමතරව තවත් කෝටි 100ක පමණ අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක වියදමක් අපේක්ෂා කළ ද එය රුපියල් කෝටි 500ක් පමණ දක්වා වැඩිවනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් 33 දෙනෙකු ඇප තැන්පත් කර ඇති අතර හෙට(06) මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැක.
847 Views
Comments