වනඅලි මියයාම තවමත් අභිරහසක් : මළසිරුරු 07ක් හමුවෙයි (PHOTOS)

හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත තිබී අද (28දා) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසනවා.
මේ වන විට මිය ගිය වනඅලි හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවුණා.
පසුගිය 27 වනදා විට ඇතින්නියන් සිවු දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර අද අලුයම එක ඇතින්නියකගේ මළ සිරුරක් සොයා ගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිට තිබෙනවා.
මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක්.
දැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීන් පවසනවා.
950 Views
Comments