මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි  පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇඳ  හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවතිනවා.

 

මාවුස්සාකැලේ හා කාසල්රි  යන ජලාශ වල ජල මට්ටම අද  (29) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමට පිළිවෙලින් අඩි 2.7 ක් හා 1.9 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසුවා.

 

මාවුස්සාකැලේ ජලාශය අක්කර අඩි 93400 ක් හා කාසල්රී ජලාශය අක්කර අඩි 68000 ක ජල ධාරිතාවකින් සමන්විතයි.

 

ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන ජලවිදුලි බලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ප්‍රධාන ජලාශ දෙකෙනි.

views

660 Views

Comments

arrow-up