ගුලි ගිල ආ බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

ගුලි ගිල ආ බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට

ගුලි ගිල ආ බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට

කොකෙන් ගුලි ගිල ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලීසිය පවසයි.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන කළ ස්කෑන් පරීක්ෂාවකදී ඇයගේ උදරයේ යමක් ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇය මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකාරිය ගිල තිබූ කොකෙන් ගුලි 52ක් වරින් වර මේ වන විට මළ පහ සමග පිටකර ඇතැයි පොලීසිය පවසයි.

අවුරුදු 50ක් වයසැති කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය අද (29දා) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

751 Views

Comments

arrow-up