ජනපති මෛත්‍රී, මහින්ද, ගෝඨා සහ බැසිල් අතර අද හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණය අද සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිත බවයි නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියා.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව වත්මන් ජනාධිපතිවරයා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හමුවන පලමු අවස්ථාවද මෙය වනවා.
එහිදී විශේෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ලබන "ලකුණ" සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද දිනයේ පැවැත් වීමට නියමිත මෙම සාකච්ඡාව බෙහෙවින් තීරණාත්මක වනු ඇති බවද වාර්තා වනවා.
661 Views
Comments