ජාත්‍යන්තර තොරතුරු දැන ගැනිමේ දිනය අදයි (28)

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. 2019 සැප්තැම්බර් 15 සිට ඔත්තෝබර් 15 දක්වා තොරතුරු මාසයක් ප්‍රකාශයට පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.
තොරතුරු දැනගැනිමේ අයිතිය ලොව පුරා ක්‍රියාත්මක වීමත් සමඟ යුනෙස්කො සංවිධානය මඟින් 2015 නොවැම්බර් 17 වන දින සම්මත කරන ලද 38C/70 යෝජනාව මඟින් සෑම වසරකම සැප්තැම්බර් 28 වන දින තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාස්ථා සංශෝධනයේ 14 අ මඟින් තොරතුරු සඳහා ප්‍රවේශවිමේ අයිතිය පුරවාසියන්ගේ මූලික අයිතිවාසිකමක් බවට නීතිගත කර තිබෙනවා.ඒ අනුව මෙවර සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනය වෙනුවෙන් සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දින දක්වා කාලය තොරතුරු මාසයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.
මෙම තොරතුරු මාසය තුළ පුරවැසියන් දැනුම්වත් කිරිමේ වැඩසටහන් ඇතුළු තොරතුරු පනතට අදාළ ක්‍රියාකාරකම් රැසක් සිදු කිරිමට නියමිත අතර 2019 .09.17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ඒ සඳහා අනුමැතිය හිමිවුණා.
624 Views
Comments