රණවිරු සත්‍යග්‍රහය අවසන්

ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට ටික වේලාවකට පෙර අවසන් කළා.
ආබාධිත රණවිරුවන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක් ද ආරම්භ කළා.
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (30) විරෝධතාව පැවති ස්ථානයට පැමිණ තමන් සමග සාකච්ඡා කළ බවයි.
එහිදී දුන් පොරොන්දු හා පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතාවය අවසන් කිරීමට තීරණය කිරීමට ආබාධිත රණවිරුවන් තීරණය කර තිබෙනවා.
දින 20ක රණවිරු සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසය අවසන්...යුද්ධය දිනූ සේනාධිපතිගෙන් පොරොන්දුවක්.... දින 20ක රණවිරු සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසය අවසන්... Like us : ආයුබෝ News
Posted by ආයුබෝ News on Monday, September 30, 2019
796 Views
Comments