පාසල්වලින් 95%ක් අඩාලයි - ලෝටස් පාරත් වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
26

පාසල්වලින් 95%ක් අඩාලයි - ලෝටස් පාරත් වසා දැමේ

පාසල්වලින් 95%ක් අඩාලයි - ලෝටස් පාරත් වසා දැමේ

ගුරු විදුහල්පති වැඩවර්ජනය හේතුවෙන් සමස්ත පාසල්වලින් 95%කට ආසන්න ප්‍රමාණයක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.

 

ගුරුවරුන්ගෙන් 98%කට ආසන්න ප්‍රමාණයක් සේවයට වාර්තා කර නොමැති බවත්, විදුහල්පතිවරුන්ගෙන් 95%ක් සේවයට වාර්තා කර නොමැති බවත් එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා සඳහන් කළා.

 

මේ අතර ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසනවා.

 

මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

views

632 Views

Comments

arrow-up