හිටපු නාවික-ගුවන් හමුදාපතිවරුන් ගෞරව නාමවලින් පිදුම් ලබයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

හිටපු නාවික-ගුවන් හමුදාපතිවරුන් ගෞරව නාමවලින් පිදුම් ලබයි.

හිටපු නාවික-ගුවන් හමුදාපතිවරුන් ගෞරව නාමවලින් පිදුම් ලබයි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්” යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දී පැවැත්වුණා.

 

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” නම් ගෞරවණීය නිලයට උසස් කර ඇති අතර හිටපු නාවික හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස්” නම් ගෞරවනීය නිලයට පත්කර තිබෙනවා.

 

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා 2005 වසරේ සැප්තැම්බර් 01 වනදා සිට 2009 වසරේ ජූලි 14 වනදා දක්වා නවික හමුදාපති ධුරයේ කටයුතු කළා.

 

2006 ජූනි මස 12 වන දින ගුවන් හමුදාවේ දොළොස් වන ගුවන් හමුදාපති ධුරයට පත් වූ රොෂාන් ගුණතිලක මහතා 2011 පෙබරවාරි 27 වන දා විශ්‍රාම ගත්තා.

 

හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ගුණතිලක මහතා අංක 03 සමුද්‍ර නිරික්ෂණ බලඝනයේ හා අංක 04 හෙලිකොප්ටර් පක්ෂාංගයේ අණදෙන නිලධාරියා ලෙස ද කලක් සේවය කළා.

views

691 Views

Comments

arrow-up