අන නොතකා ධාවනය කළ ජීප් රථයකට වෙඩි. පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට.
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

අන නොතකා ධාවනය කළ ජීප් රථයකට වෙඩි. පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට.

අන නොතකා ධාවනය කළ ජීප් රථයකට වෙඩි. පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට.

සුඛෝපභෝගි වාහනයකින් කේරළ  ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙක් ඇතුළු තවත් සැකකරුවෙකු නාවික හමුදාව විසින් මන්නාරම ඉලුප්පායිකඩවායි මාර්ගයේ පිහිටා ඇති නාවික හමුදා මාර්ග බාධකයේදි අද (19) අළුයම  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


මෙහිද එම මාර්ග බාධකයෙදී  සුඛෝපභෝගී වාහනයට නවත්වන ලෙස අණ කලත් එම අණ නොතකා පළා යාමට තැත් කිරීමේදී නාවික හමුදාව විසින්  වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

අත් අඩංගුවට ගනු ලැබු සුඛෝපභෝගී ජිප් රථයේ තිබි කේරළ ගංජා කිලෝ 180ක් සොයා ගෙන ඇති අතර අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලිස් නිලධාරියෙක් බවට  පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

 

views

760 Views

Comments

arrow-up