ඡන්ද පත්‍රිකාව ෆොටෝ ගත් තරුණයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

ඡන්ද පත්‍රිකාව ෆොටෝ ගත් තරුණයෙක් අත්අඩංගුවට

ඡන්ද පත්‍රිකාව ෆොටෝ ගත් තරුණයෙක් අත්අඩංගුවට

ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූප ගත් තරුණයකු ඇල්පිටිය තලගස්පේ ඡන්ද මධ්‍යස්ථානයේදි අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසනවා.

 

පසුව එම සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදි මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධව ඉදිරියේදී නඩු පවරන බව පිටිගල පොලිසිය පැවසෙයි.

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට තලගස්පෙ ඡන්ද මධ්‍යස්තානයට ඊයේ (11) සවස 3ට පමණ ගිය තලගස්පේ පදිංචි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

750 Views

Comments

arrow-up