අතේ මතේ අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මධ්‍යම කාරක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05)රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතයි.
එහිදී මෙවර ජනාධිපතිවරණයෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවාද නැද්ද යන්න අවසන් තීරණයකට එළඹීමට නියමිතයි .
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට මත දෙකක සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ පොහොට්ටුව ලකුණු වෙනස් කළ යුතු බවයි.
ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ගත් තීරණ ද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ නොහැකි බවයි . කෙසේ වෙතත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී අවසන් තීරණය ගනු ඇති.
701 Views
Comments