වර්ජන රැල්ල ගැන සාකච්ඡා කරන්න අනු කමිටු - වර්ජන මැද දුම්රිය කිහිපයක් ධාවනයට

දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක නිරත වුවද, අද උදෑසන ද දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් කටයුතු කර තිබෙනවා.
හලාවත සහ මහව සිට අද අලූයම දුම්රිය 02 ක් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළා. ගාල්ල සිට කොළඹ කොටුව දක්වා තවත් දුම්රිය 02 ක් ධාවනයට එක් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කර ඇති වැඩවර්ජන සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර ඒ සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා.
කැබිනට් අනුකමිටු සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට සූදානම් නොමැති බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. සිය ඉල්ලීම් ඉටුකරන තුරු තමන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ.
වර්ජන කි‍්‍රයාමාර්ගවල නිරත වෘත්තීය සමිති අයත් වන අමාත්‍යංශ භාර අමාත්‍යවරුන්ගෙන් සමන්විතව එම කැබිනට් අනුකමිටුව පත් කිරීමටයි තීරණය කෙරුණේ.
මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් සහ වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ එම කමිටුවට අයත් වනවා. වර්ජනවල නිරත වෘත්තීය සමිති සමග සාකච්ඡුා කර ලබන සඳුදා වනවිට විසඳුම් ඉදිරිපත් කිරීම එම කමිටුවට පවරා තිබෙනවා.
619 Views
Comments