මාතර - කිරින්ද ගැටුමේ සුල මුල..!

UPDATE : කිරින්ද සන්සුන් : අමතර ආරක්ෂාවට STF යොදවයි
කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ දී අද (27) සවස ඇතිවු උණුසුම්කාරි තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය සදහන් කර සිටිනවා.මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ බලකායද යොදවා ඇති බවයි එහි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් ප්‍රකාශ කර සිටියේ.
මාතර - කිරින්ද ගැටුමේ සුල මුල..!
මාතර කිරින්ද බෝධිරුක්ඛාරාමය විහාරය අසළ ඊයේ රාත්‍රියේ (27) කෝලහාලයක් ඇතිවූ බවට සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කළා. මෙය ජාතීන් අතර අරගලයක් දක්වා ගෙන යාමට ඇතමෙක් උත්සහ කළත් එය කිහිපදෙනෙකුගේ නොමනා ක්‍රියාවක් හේතුවෙන් හටගත් අාරවුලක් බවටයි තොරතුරු වාර්තා වන්නේ....
"මාතර කිරින්ද බෝධිරුක්ඛාරාමය පන්සලේ පන්තියකට මුස්ලිම් අයෙකු බෝතල් ප්‍රාහාරයක් එල්ල කරනව අද හවස ඒක ඉවර උනේ ඔහු පොලිසිය ඇරෙස්ට් කරල එවෙලේම නිදහස් කරල පසුව පොඩි හාමුදුරුවෝ ට කඩුවකින් ගහන්න මුස්ලිම් උන් ඇවිල්ල ඒකයි ගැටුම දැන් හමුදාව පොලිසිය යොදවල ඔක්කොම ගෙවල් වල."
* අරඹේපොල හාමුදුරුවෝ
මාතර කිරින්ද. නොසන්සුන් තත්ත්වයක්. සිංහල මුස්ලිම් ගැටුමක්..
Posted by HPT on Friday, September 27, 2019
ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිකු යැයි කියන මුහීඩ් ජීරාන් නැමති පුද්ගලයෙකුද ෆේස් පිටුවක් ඔස්සේ මෙලෙස සදහන් කර තිබෙනවා.
"සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර කිරින්ද නොසන්සුන්තාව සම්බන්ධයෙන්. මම පොලිස් අධිකාරී අංශය සමඟ සාකච්ඡා කළ අතර ඒ දේවල් පාලනය කර තිබෙනවා. මා සිතන පරිදි දෙපාර්ශ්වයම වැරදියි. ඔබට මගේ සංවාදයට සවන් දිය හැකි නමුත් මට එකවරම මගේ නිගමනයකට පැමිණිය නොහැකියි. ඉක්මනින් දේවල් යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එය සාමාන්‍ය සංවාදයක් වන අතර මිනිසුන් කටකතා වලට හසු නොවිය යුතුයි."
Regarding Kirinda unrest between Sinhala and Muslim Communities. I discussed with SP DIVISION and things are under...
Posted by Imedia 360 on Friday, September 27, 2019
සමාජ මාධ්‍ය ඔස්සේ තවත් විවිධ කටකතාද පැතිර යමින් තිබෙනවා. ඊයේ (27) සවස් වරුවේද එම ප්‍රදේශයේම යම් සිදුවීමක් වූ බවට වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණේ මෙලෙසින්....
හිරු News නමින් ව්‍යාජ ෆේස්බුක් පිටුවකින් මෙම දර්ශන එක් කර තිබුණා.
Posted by හිරු News on Friday, September 27, 2019
Posted by හිරු News on Friday, September 27, 2019
මේ දර්ශන වල සදහන් අරවුල් දෙක අතර සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබද තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ. මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට අප බලාපොත්තු වනවා.
1173 Views
Comments