මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් පණිවුඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් පණිවුඩයක්

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් පණිවුඩයක්

කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණෙන කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු ඖෂධ නිකුත් නොකරන බැවින් එසේ පැමිණෙන අයවලුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට මහජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

 

පසුගියදා මහව – කැත්තපහුව ගම්මානයේ නිවසකට ගොස් ඇති කිසියම් පිරිසක් තමන් සෞඛ්‍ය නිලධාරීන් බව හඟවා සිදුකර ඇති කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමසීමේදී ඔහු ඒ බව පැවසීය. එසේ පැමිණි පිරිස නිවැසියන්ට කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමටදී කොල්ලය සිදුකර ඇති බව පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා මෙසේද පැවසීය. ‘‘කිසියම් රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය නිලධාරීන් මහජනතාව හමුවට යන්නේ නිල ඇඳුමෙන් සැරසීය. එසේ පැමිණෙන නිලධාරියෙකු නිල ඇඳුමෙන් සැරසී නොසිටින්නේ නම් ඔවුන්ගේ අනන්‍යතාවය විමසා සිටීමට මහජනතාවට පූර්ණ අයිතියක් තිබෙනවා.

 

එමෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යන කිසිදු සෞඛ්‍ය නිලධාරියකු ඖෂධ නිකුත් කරන්නේත් නෑ. මෙම නිසා තමන් හමුවට යම් අයෙකු පැමිණ උපදෙස් හෝ ඖෂධ ලබා දීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවිය යුතුයි’’

 

 

views

787 Views

Comments

arrow-up