හේමසිරි ප්‍රනාන්දුට ජනපති කොමිසමින් සිතාසි

රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය බැංකුවක පරිගණක පද්ධතිය සවි කිරීමේදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව එහි සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
කොමිසමේ ආරංචි මාර්ග අනාවරණ කරන පරිදි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ලබන 23 වනදා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත ඇති අතර, ඒ හේතුවෙන් ඊට අදාළ සිතාසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා අද(15) පොලීසිය මාර්ගයෙන් හේමසිරි ප්‍රනාන්දුට ලබාදීමට කටයුතු කිරීමට නියමිතයි.
මීට අදාළව අදාළ රාජ්‍ය බැංකුවේ වත්මන් සභාපතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන් රැසකගෙන් ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර මෙම මූල්‍ය වංචාවට අදාළව ලබන 18 වන දා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි සිතාසි යොමු කර තිබෙන්නේ.
658 Views
Comments