වැඩිම මැතිවරණ පැමිණිලි නාම යෝජනා භාර දුන් දිනයේදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

වැඩිම මැතිවරණ පැමිණිලි නාම යෝජනා භාර දුන් දිනයේදී

වැඩිම මැතිවරණ පැමිණිලි නාම යෝජනා භාර දුන් දිනයේදී

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 103ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

 

මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්, එනම් පැමිණිලි 96ක්  නාම යෝජනා භාර දුන් ඊයේ(07) දිනයේ වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පැවසුවාය.

 

පූර්ව නාම යෝජනා සමය තුළ වාර්තා වී ඇති පැමිණිලි ප්‍රමාණය 7ක්.

 

මේ අතර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 11 වැනිදා එම බලප‍්‍රදේශයේ පාසල් වසා තැබෙන බව ගාල්ල දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පවසනවා.

 

ඡන්ද විමසීම සඳහා මේ වනවිටත් සියළු කටයුතු සූදානම් කර ඇති බවයි සෝමරත්න මහතා කියා සිටියේ.

views

675 Views

Comments

arrow-up