ඌව පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

ඌව පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඌව පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඌව පළාතේ 6 වැනි පළාත් සභාවේ නිල කාලය අද (8)  මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වෙයි.

 

ඉකුත් වසර 5 ක  පළාත් සභා කාලය තුළ ආණ්ඩුකාරවරු 5 දෙනෙක් හා ප්‍රධාන අමාත්‍යවරු ‍තිදෙනෙක් යටතේ මෙම පළාත් සභාව ක්‍රියාත්මක වුණා.

 

දෙමුහුන්  පාලනයක් ඇති පළාත් සභාවක් ලෙසද ඇමැති මණ්ඩලයක් නැතිව මාසයයි දින හතක කාලයක්  මහ ඇමැතිවරයා  පමණක්  සිටි පළාත් සභාවක් ලෙසද එම කාලයෙන් පසු ඇමතිවරු තිදෙනෙක් පත් කළද එක් ඇමැතිවරයකුගේ අඩුවක් ඇතිව කලක් පවත්වාගෙන ගිය පළාත් සභවක්  ලෙසද කලක් විපක්ෂනායකයෙක් නැතිව ක්‍රියාත්මක  වූ පළාත් සභාවක් ලෙසද මෙය ඉතිහාසයට එක්වී තිබෙනවා.

 

දිවයිනේ අනෙක් පළාත් සභා සියල්ල මීට පෙර විසුරුවා හරින ලද නමුත් ඌව පළාත් සභාව පමණක්  අද (8) දක්වා ක්‍රියාත්මක වුණා.

views

940 Views

Comments

arrow-up