දේශපාලන කටයුතුවලට ළමුන් යොදා නොගන්න

දේශපාලන කටයුතු සදහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කළා.
ඒ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇතුළු සියලු පාර්ශවයන්ගෙන්. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේ ළමයින් විවිධ ක‍්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සදහා සහභාගි කරගන්නා බවටයි තොරතුරු ලැබී තිබෙන්නෙ. දේශපාලන කටයුතු වලට සහභාගි කර ගැනීමෙන් ළමයින් කායික හා මානසික හිංසනයට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් බවයි ළමාරක්ෂක අධිකාරිය පෙන්වා දෙන්නේ.
එවැනි සිදුවිම් පිළිබද 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙසට එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.
749 Views
Comments